mediahumanrights.lk
Local News News

පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවක

මිරිස්ස වෙරළ තීරයේදී පසුගිය 8 වනදා විදේශිකයින් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.
එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පසුගිය 12 වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 13 වනදා පොලීසියට භාර වී තිබෙනවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධණාගාර ගතකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ඕලන්ද ජාතික යුවලක්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

Online Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමති

Shiran Viraj

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj

ලෝකයේ වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

Shiran Viraj