mediahumanrights.lk
News Political

ජනපති නිල නිවසට අගමැතිවරයා නැවත‍ත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබෙනවා.
අද (03) උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිල නිවස වෙත පැමිණි බව සඳහන්.
කෙසේ වෙතත් මේවන විට කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඉහළ පෙලේ තවත් සාකච්ජා කිහිපයක් ඊයේ (02) රාත‍්‍රී පැවැත් වුණා. අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතරයි ඉන් එක් සාකච්ජාවක් පැවැත්වුණේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සමයං ගේ හැකියාව ගැන මහින්දගෙන් උපදේශයක්

Shiran Viraj

SLPL පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..

Shiran Viraj

විදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…

Shiran Viraj