mediahumanrights.lk
Local News News

ගොඩබිමට ගෙන එන්නත් කලින් මීගමුවේදී රුපියල් කෝටි දෙකකට අලෙවි වූ අති දුර්ලභ මත්ස්‍යයා (PHOTOS)

ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට පසුගිය දා හසුවී ඇති බවට වාර්තා වෙනවා.
කිලෝ 230කටත් වඩා බරකින්යුත් මේ ටූනා මතස්‍යයාගේ  වෙළඳපල වටිනා කම රුපියල් කෝටි දෙකත් ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙකු කියා සිටියා.
ඉතා වටිනා කමකින් යුතු බ්ලු ෆින් ටූනා මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මීගමුව මංකුලිය වෙත ළඟා වී තිබු බව එම සාමාජිකයා වැඩිදුරටත්
සඳහන් කළා.
ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් වෙනවා.
සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මතස්‍ය විශේෂය සිටින බවත් ජංගම දුරකථනයකින් කරන ලද ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩ බිමට ගෙන ඒමටත් පෙර බහු දින යාත්‍රාවක් තුලදි කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මතස්‍යා අළවි වී ඇතැයි වාර්තාවෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

Shiran Viraj

කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්න

Shiran Viraj

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට චෝදනාවක්

Shiran Viraj