mediahumanrights.lk
International News News

ඉන්දියාවේ පළමුවරට අධිවේගී දුම්රිය සේවයක් ඇරඹෙයි

ඉන්දියාව ප්‍රථම වතාවට අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
ජපාන අග්‍රාමාත්‍ය  ෂින් සෝ අබේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් හෙට(15) දින ඒ සඳහා මුල් ගල් තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ව්‍යාපෘතිය සඳහා ජපානය විසින් ඩොලර් බිලියන 17ක ණය ආධාර සපයන බව සඳහන් වෙයි.
අදාළ අධිවේගී දුම්රිය ඉන්දියාවේ අහ්මද්බාද් සිට මුම්බායි දක්වා ගමන් කරවීමට සැළසුම් කර ඇති අතර එහිදී සාමාන්‍ය දුම්රියකින් පැය 08ක් ගත වන ගමන පැය 03කට සීමා කෙරෙනු ඇති.
ව‍්‍යාපෘතියට අනුව ආසන 750කින් යුත් අධිවේගී දුම්රියක් 2022 අගෝස්තු මාසයේදී ධාවනය කරවීමට සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj

බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…

Shiran Viraj

ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂ විවාදයට එක්වීමට ජනපති පාර්ලිමේන්තුවට …

Shiran Viraj