mediahumanrights.lk
News Political

"අත්වැල් බැඳ ගැනීමට සූදානම් නැහැ"

එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කරන ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්, පක්ෂයේ සංවත්සරය සැමරීමට කිිසිඳු සාදාචාරාත්මක අයිතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ විරුද්ධවාදීන් හා එක්ව පක්ෂ සංවත්සරය සැමරීම බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය නොවන බවයි.
තමන් ඇතුළු කණ්ඩායම කිසිඳු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳ ගැනීමට සූදානම් නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මුලටියන ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදීයි.
(under the courtesy of nethfm news web)

Related posts

වැඩිම මනාප මහින්දට

Shiran Viraj

මුස්ලිම් මිනී පුච්චන නිසා මුස්ලිම් ජනයා දැඩි කණගාටුවෙන්.. ගැසට්ටුව වෙනස් කර භූමදානය කරන්න දෙන්න..- බදියුදීන්

Shiran Viraj

සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයි

Shiran Viraj