mediahumanrights.lk
International News News

ආධුනික සෙබළියක්ව සිටි කාලයේ සිදුවූ ලිංගික හිංසනයන් සියල්ල වසර 15කට පසු හෙළිකරයි – Video

සෙබළුන් 28 දෙනෙකු එකතුවෙලා…
වයස අවුරුදු 17 දී ඇය යුධ හමුදාවට බැඳිලා..
Rebecca Crookshank නම් කාන්තාව උතුරු ලන්ඩනයේ යුදහමුදා පුහුණුවීම් කාලසීමාව තුලදී සෙබළුන්ගේ ලිංගික හිංසනයන්ට ලක් වූ අවස්ථා ඇතුලත් ජයාරූප කිහිපයක් හා වීඩියෝවක් ප්‍රසිද්ධ කර තිබෙනවා.
මේ වන විට ඇගේ වයස අවුරුදු 36ක් වන අතර ඇය මෙසේ ලිංගික හිංසනයන්ට ලක්ව ඇත්තේ වයස අවුරුදු 21 දී බවයි පැවසෙන්නේ..
ඇය යුදහමුදාවට බැඳී ඇත්තේ වයස අවුරුදු 17 දී. පසුව පුහුණුවීම් කාලසීමාව තුල විවිධ හිංසනයන්ට ලක්ව තිබෙන අතර දිනක් ඇයව සෙබළුන් 28 දෙනෙකු එකතුවී මෙසේ ලිංගික හිංසනයන් සිදු කර තිබෙනවා.
එම අවස්ථාවලදී ගත ජයාරූප කිහිපයක් ඈ පසුගිය දිනක ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ මෙලෙස හිරිහැර වලට ලක් වූ එකම කාන්තාව ඈ නොවන බවත් , තරුණ සෙබළියන්ට කෝප්‍රල්වරුන් සමග ලිංගිකව එක්වීමට සිදුවන බවත් , අවශ්‍ය පුහුණුවීම් හා ක්‍රියාකාරකම් නිසි ලෙස සිදු කිරීමට ඔවුන්ගෙන් මෙසේ ලිංගික හිංසනයන්ට ලක් වීමට සිදු වූ බවයි.
මෙම හිංසන හා අසාධාරණකම් මින් මතු දිනක සිදු වෙන්නට ඉඩ නොදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ඇය සමග අනෙක් හිංසනයන්ට ලක්වූ කාන්තාවන්ට එකතුවන ලෙස ඈ ඉල්ලා සිටි බවත් සඳහන් වෙනවා.
මේ වන විට ඇය කතෘවරියක් හා රංගන ශිල්පිණියක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ විටින් විට විවිධ අයුරු වලින් ඇයව හිංසනයන්ට ලක්වන අයුරුයි. එක් අවස්ථාවක ඇය පුසෙකු වඩාගැනීමට උත්සහ කරන විටක සෙබළකු විසින් අගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කරන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයි

Shiran Viraj

දුමින්ද සිල්වා හිරේ හිටියා දැන් ඇති.. රජය තීන්දුවක් ගත යුතුයි..- මුරුත්තෙට්ටුවේ හිමි

Shiran Viraj

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj