mediahumanrights.lk
Business Business News News

හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැ

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදුනොකරන බව නිවේදනය කර සිටී.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් වන අතර සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවයි.
මේ අතර මුදල් නීති පනත යටතේ පනවන ලද අදාල රෙගුලාසි යටතේ සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු නොකරන බවත්, මෙවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
එවැනි පුරුදුවලින් වළකින මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර දැනට තිබෙන එවැනි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා මෙන් ඉල්ලා සිටී.

Related posts

චීන ආරක්ෂක ඇමති දිවයිනට ඇවිත්

Shiran Viraj

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

Shiran Viraj

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

Shiran Viraj