mediahumanrights.lk
Local News News Political

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(19) රාත්‍රී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති බව වාර්තාවේ.
මෙහිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.
නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද මෙම සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
බලය බෙදිම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවයකට පැමිණ ඇති අතර ඉදිරියේ දී මේ පිළිබද තවදුරටත් සාකච්ඡා කිරීමට යෝජනා වී තිබේ.
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර කඩිනමින් අවසන් එකඟතාවයකට පැමිණීමට මෙහිදි යෝජනා වී ඇති බව වාර්තා වේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

Shiran Viraj

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

Shiran Viraj

ගත වූ මාසයේ උද්ඝෝෂණ 120ක්.. කොරෝනා පැතිරෙන්න හේතුව එයයි..- බුද්ධි අංශ සොයාගනී…

Shiran Viraj