mediahumanrights.lk
Local News News Political

තව දුරටත් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ

ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් දූෂණයට එරෙහිව ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් වු වත්මන් ආණ්ඩුව අද වන විට ඒ සියල්ල අමතක කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකිරීමට මේ වන විට සුදානම් බවත් පළමු පෙරමුණ සංවිධානයේ කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
එම සංවිධානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
ජනමත විචාරණයකට නොයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන්ට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 2 කේම එකඟත්වය හිමිව ඇති බවත් මේ නිසා තව දුරටත් යහපාලනයක් රජය තුළින් බලාපොරොත්තු විය නොහැකි බවත් විජේසිංහ මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.
මාස 6 කින් ඉටු කළ හැකි කාර්යයන් සඳහා දින 100 ක් ප්‍රමාණයත් බව වත්මන් ජනාධිපතිවරයා පැවසු බවත් එම පොරොන්දුව මත ජනතාව එතුමා ජනාධිපතිධූරයට පත් කළ බව ද විජේසිංහ මහතා පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේ

Shiran Viraj

ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයෙන් යළි වාරණ

Shiran Viraj

“මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා

Shiran Viraj