mediahumanrights.lk
Local News News

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්

රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන් විසින් මෙම යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි.  දේශපාලන මති මතාන්තරවලින් සහ ජාතික හා ආගම් අන්තවාදයෙන් තොර සියලූ ආගමිකයින් හා ජාතීන් නියෝජනයවන පිළිගත හැකි විද්වත් ස්වාධීන කොමිසමක් පිහිටුවීම ද මෙම යෝජනාවලියේ අඩංගු කරුණක්. ආගමික ගැටුම්වලට බලපා තිඛෙන අභ්‍යන්තරික හා බාහිර හේතු සාධක විමර්ශනාත්මකව සොයා බැලීම පිළිබඳව ද මෙම යෝජනාවලියේ ඇතුළත්ව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

''නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ''

Shiran Viraj

අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…

Shiran Viraj

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj