mediahumanrights.lk
Local News News Political

කාටවත් ඕන විදිහට පෙරහැරවලින් අලි ඉවත් කරන්න බැහැ

ඉතිහාසයේ සිට පැවත එන සංස්කෘතික උරුමයක් වන පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම කිසි විටෙකත් නතර නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස් පවසන ආකාරයට වසර දහස් ගණනක මෙරට හෙළ සිරිත් විරිත් වෙනස් කළ නොහැකි බවයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දළඳා මාළිගා පරිශ‍්‍රය ආශ‍්‍රිත ඓතිහාසික දේවලායන්හි කටයුතු පිළිබඳ ඊයේ (14) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.
පෙරහැර සඳහා අලි ඇතුන් ලබා ගැනීමේ දී මතුව ඇති දුෂ්කරතා පිළිබඳ මෙහිදී දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා.
ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ සිටින හීලෑ ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි.
එමෙන්ම දැනට අධිකරණ භාරයේ සිටින පෙරහැර සඳහා සුදුසු අලි ඇතුන් බැදුම්කරයක් මගින් පෙරහැර සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

Shiran Viraj

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj

‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්

Shiran Viraj