mediahumanrights.lk
Local News News Political

උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑ

උතුරේ හෝ දකුණේ කිසිදු අයෙකුට ජාතිවාදයට ඉඩක් නොලැබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයෙන් පෙනී යන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතිවාදය වැපිරීමට උත්සාහ ගන්නා ඕනෑම අයෙකුට මෙවැනි තත්ත්වයකට පත්වීමට සිදුවනු ඇති බවයි.
මේ වන විට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාට එරෙහිව පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් විශ්වාසභංග යෝජනවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

Shiran Viraj

“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

Shiran Viraj

වසර දහතුනකට පසු උපාධියක්

Shiran Viraj