mediahumanrights.lk
Local News News

බොල්ගොඩ ජලාශයේ ආරක්ෂිත බැම්ම යළි පිළිසකර කෙරේ

කළුතර – පනාපිටිය – බොල්ගොඩ ජලාශයේ හරස් කොට තිබූ ආරක්ෂිත වේල්ල මේ වන විට යළි පිළිසකර කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන් පානදුර – දකුණ, පානදුර – උතුර, වාද්දූව, බණ්ඩාරගම, මොරොන්තුඩුව සහ අගුරුවාතොට යන ප්‍රදේශවල ජනතාවට ගං වතුර අවදානමක් ඇති විය හැකි බවටයි පොලීසිය සදහන් කළේ.
කෙසේ වෙතත් එම තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබෙනවා.
එමෙන්ම ගිං ගඟ පිටාර ගැලීමත් සමඟ බද්දේගම නගරයට ගං වතුර ඒම වැළැක්වීම සඳහා ඉදිකර ඇති බැම්ම කැඩී යාමේ අවදානමක් පැවතිය ද එය වැලි කොට්ට දමා පිළිසකර කෙරුණා.
මේ අතර නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර ගැලීමත් සමඟ කිඹුල් අවධානමක් ගංඟාව අවට ප්‍රදේශවල ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක පවසනවා.
ඒ හේතුවෙන් ජලය බැස ගියත් ගංඟාව අවට ප්‍රදේශවල ජනතාව ජලයට බැසීමේදී විමසිලිමත් විය යුතු බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

Shiran Viraj

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj