mediahumanrights.lk
Local News News

නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි – මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයි

නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා.
මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව යන ලෙස තවදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගොඩගම, හිත්තටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, මාදුරුදූව, පරහත්ගොඩ, කද්දූව යන නිල්වලා ගංඟවේ පහළ ද්‍රෝණිය ආසන්න හා ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට මෙහි බලපෑම් එල්ල විය හැකි බවටයි හඳුනාගෙන ඇත්තේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ නිලධාරීන් විසින් මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙසද එම රෝහලට දැනුම් දීමටද කටයුතු කළා.
නිල්වලා ගඟ ආශ්‍රිතව ගොඩනගා ඇති ජලගැලීම් පාලන වේලි ආරක්ෂා කළ නොහැකි තත්ත්වයට පැමිණ ඇති අතර මේ වනවිට එම වේලි මතින් ආරක්ෂිත ප්‍රදේශයට ද ජලය ගලා එමින් පවතින බව තවදුරටත් වාර්තා වෙනවා.
නිලවලා ගඟේ ජල මාපක වෙත ළඟා විය නොහැකි තරමට ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මාතර මහනාම පාලම ආසන්නයට ගඟේ ජල මට්ටම ඉහළ නැග ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් මාතර මහ රෝහලේ 28 වැනි වාට්ටුවේ රෝගීන් මේ වන විට ඉවත් කර ඇති බවද රෝහල් බලධාරීන් සඳහන් කළා. එම රෝගීන්ව කොටවිල දිසා රෝහල වෙත මාරු කර ඇති බවද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

Shiran Viraj

කොරෝනා අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා..

Shiran Viraj

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj