mediahumanrights.lk
Local News News

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්

නිරිතදිග මෝසම් තත්ත්වය ඉදිරි දිනවලදී (විශේෂයෙන් 25 දින සිට) දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුව නිසා  දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි .
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත් වල  තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව හා සමහර ස්ථාන වල (මි.මි. 75 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි(විශේෂයෙන් බස්නාහිර සහ සබරගමු පළාත්වල) බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.
(under the courtesy of adaderana news web)

Related posts

සොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළට.. වර්ධන වේගය 200%යි..

Shiran Viraj

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

Shiran Viraj

පළමු ගුවන් යානය පැමිණෙයි – කටුනායක යළි ලොවටම විවෘත වෙයි

Shiran Viraj