mediahumanrights.lk
Local News News

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද (13) රාති‍්‍ර 7.40 සිට හෙට (14) උදැසන 8.28 දක්වා යෙදී තිබෙනවා.
ඊට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර පුණ්‍ය කාලයේ පළමු කොටසේදී ආගමික වතාවත්වල යෙදිය යුතු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
අලුත් අවුරුද්ද උදාව සිදුවන්නේ හෙට අලුයම 2.04 ටයි. ආහාර පිසීමේ නැකත හෙට අලුයම 5.41 ට උදා වනවා.
මේ අතර නෙත් එෆ්.එම්. රේඩියෝව මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත‍්‍ර සිදුකරනු ලබන්නේ හොරණ රණවිරු ගම්මානයේදීයි. එහි කටයුතු අද පස්වරුවේ සිට සජීවිව ප‍්‍රචාරය කිරිමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කෙරේ..

Shiran Viraj

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළට

Shiran Viraj

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Shiran Viraj