mediahumanrights.lk
News Sports Sports News

මාලිංගගේ ආගමනයෙන් මුම්බායි ඉන්දියන්ස් ජය ලබයි

මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් වුණා.
ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.
ලසිත් මාලිංග ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර ඔහු එහිදී ලකුණු 36 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 178 ක් රැස් කළා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එම ඉලක්කය හඹා යමින් තරගයේ ජය වාර්තා කළේ ඉණිමේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි. බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 06ක්.
මහේල ජයවර්ධනගේ පුහුණුව යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙයයි. මෙම තරගය මුම්බායිහි වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිළ IPL තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කළ අතර එම තරගය පරාජයට පත් වුණා. එම තරගය සඳහා ලසිත් මාලිංග එක්ව සිටියේ නැහැ.

Related posts

Tech Insider – Should Apple release an iPad Pro mini?

Shiran Viraj

ලේකම්ගේ දැනුම් දීමෙන් පොලිස් ලොක්කන් රැසක් මාරු කරයි.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj

මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..

Shiran Viraj