mediahumanrights.lk
Local News News

ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාද

මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම තුළ ජංගම දුරකථන භාවිතා නොකරන ලෙසට එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත අවවාද කර තිබෙනවා.
ජනාධිපති කොමිසම ඊයේ දිනයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු මහබැංකු අධිපතිවරයාට පැමිණෙන ලෙස දන්වා සිටි අතර, ඒ අනුවයි ඔහු පැමිණ ඇත්තේ.
එම අවස්ථාවේදී සාක්ෂි විභාග කිරීමේ කටයුතු සිදුවන අතරතුර ඔහු ජංගම දුරකථනය පරිහරණය කර ඇති බව සඳහන්.
එහිදී කොමිසමේ සභාපතිවරයා එහි වැඩකටයුතු මදකට නවතා දමා එසේ නොකරන ලෙසට ඔහුට අවවාද කරන ලෙස හිටපු මහබැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම්දී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

Shiran Viraj

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

Shiran Viraj

මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

Shiran Viraj