mediahumanrights.lk
Local News News

අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්

පසුගිය දින කිහිපය තුළ අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාවෙහි  ඉහළයාමක් දක්නට ලැබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය පවසයි.
එහි අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා පැවසුවේ අදාළ දිනයන්හි එක් දිනකට රථ වාහන 95,000ක පමණ ප්‍රමාණයක් අධිවේගී මාර්ගයෙහි ගමන් කර ඇති බවය.
අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සඳහා අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අවශ්‍ය අවස්ථා වලදී 19යි 69 අංකය අමතා තොරතුරු ලබාගත හැකි බව ද එස්. ඕපනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් හට ආරක්ෂාකාරී ලෙස රිය ධාවය කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

Shiran Viraj

බරපතළ වංචා සම්බන්ධ ප්‍රධාන පැමිණිලි විභාග කිරීම කඩිනම් කරයි

Shiran Viraj

අපේ ඉල්ලුම එන්න එන්නම වැඩිවෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි

Shiran Viraj