mediahumanrights.lk
Local News News Political

හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතයි.
ඒ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පසුගිය 16 වනදා හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණ ද එදිනට පැමිණිය නොහැකි බව ඔහු කොමිසම වෙත දන්වා තිබුණා.
ඒ අනුවයි අද දිනයේ මෙම අවස්ථාව ලබාදීමට ජනාධිපති විමර්ශන කොමිසම එකඟතාවය පළ කරනු ලැබුවේ.
(under the courtesy of hirunews news web)

Related posts

පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..

Shiran Viraj

අපි මේ අසහනය ඉවර කරනවා

Shiran Viraj

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Shiran Viraj