30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල් ජාතික රෝහලේදීත් උපවාසයේ

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ තවදුරටත් ආහාර වර්ජනයේ නිරතවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත කියා සිටියේ මන්ත්‍රීවරයා තවදුරටත් ජලය පමණක් පානය කරන බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික රෝහලෙන්ද අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිදු ආහාරයක් නොගන්නා බවයි.
ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මන්ත්‍රිවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමුකර තිබෙනවා.
තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු ආරම්භ කළ උපවාසයට අදට දින 9 ක් ගතවනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු රැසක්ම ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා.
(under the courtesy of hirunews news web)

Related posts

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි

Shiran Viraj

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj
Translate »