30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

වසර දෙකක් තුළ බැඳුම්කරවලින් ශුද්ධ විදේශීය ගලායාම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 27.8 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර 2016 වසර තුළ එහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 19.1 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
එය ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4.9 ක ශුද්ධ ලැබීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 14.2 ක ලැබීමකින් සමන්විත විය.
2016 වසරේ දෙසැම්බර් මාසයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 95.9 ක ශුද්ධ විදේශීය ආයෝජන ආපසු ගෙවීමක් සමඟ අඛණ්ඩව තුන්වන මාසයටත් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ විදේශ ආයෝජන ආපසු ගෙවීම් වාර්තා විය.
2016 වසර තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් වූ ඉවත් කරගත් මුළු විදේශීය ආයෝජන ප්‍රමාණය 2015 වසරේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,093.4 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 324.3 ක් විය.
2016 වසරේ දී රජය වෙත ලැබුණු දිගුකාලීන ණය ප්‍රමාණය 2015 වසරේ දී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 469.6 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,287.0 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
2016 දෙසැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

සරසවියේ ඇති වුණ මිතු දම මුහුණු පොතෙන් ආදරයට පෙරළුණා… රුවන් වික්‍රමසිංහ

Shiran Viraj

නව ව්‍යවස්ථාව සම්මත කිරීම අඩපන කරන්න කාටවත් බෑ – අගමැති

Shiran Viraj
Translate »