mediahumanrights.lk
News Sports Sports News

අමතක වූ කුලසේකර අවසානයේ ශ‍්‍රී ලංකා පිලට කැඳවයි

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඉකුත් දා නිමා වූ  ඕස්ටේ‍්‍රලියානු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ දී ද ඔහු පන්දුවෙන් දස්කම් දැක්වූවා.
කෙසේ වෙතත් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ මුල් සංචිතයට කුලසේකර ඇතුළත් වුණේ නැහැ.
ඔහුට අමතරව වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් ද ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවටයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
බංග්ලාදේශය සමඟ පැවති පළමු එක්දින තරගයේ දී සුරංග ලක්මාල් හැර සෙසු වේග පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක් වුණා.
බංග්ලාදේශ ඉණිමේ අවසන් පන්දුවාර දහයේ දී ඔවුන් ලකුණු 109ක් රැස් කළ අතර බිඳ වැටුණේ කඩුලූ දෙකක් පමණයි.
මේ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක‍්‍රිකට් තරගය රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පාර්ලිමේන්තුව තියෙන්නෙ අපේ පැවැත්මට නෙවෙයි, ජනතාවගේ පැවැත්මට – ලක්ෂ්මන් යාපා

Shiran Viraj

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..

Shiran Viraj

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Shiran Viraj