mediahumanrights.lk
Local News News

පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේ

මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලික්ස් ස්ටීවන්සයි නැමැති නව මදුරු විශේෂය ව්‍යාප්තවීම පාලනය කර ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මන්නාරම දූපතෙන් පිටතට මැලේරියා මදුරුවා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත හැකි සියලූම ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවයි.
පසුගිය ජනවාරි මාසයේදී පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මෙම මදුරු විශේෂය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවට පසුව අනාවරණය වුණා.
කෙසේ වෙතත් මෙම විශේෂයට අයත් මදුරු කීටයන් පසුගියදා කොළඹට රැගෙනවිත් විශේෂ පරීක්ෂාවකටද ලක්කර තිබෙනවා.
මෙම නව මදුරු විශේෂය පාලනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය සදහා මන්නාරම ප්‍රදේශයේ තාවකාලික පරීක්ෂණාගාරයක්ද ඉදිකර තිබුණා.

Related posts

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

Shiran Viraj

අයවැය ගැන අදහස් කියන්න මංගල සමරවීර මාධ්‍ය හමුවක – VIDEO

Shiran Viraj

හෘද රෝග, පිළිකා, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන සෝයා

Shiran Viraj