mediahumanrights.lk
Local NewsNews

මරණ දඬුවම නියම වූ ප්‍රභල ජාවාරම්කරුවෙකු බන්ධනාගාර නිළධාරීන්ට රූපවාහිනී තෑගි දීලා

මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරය තුල රඳවා සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු වන “සුසෙයි” නමැත්තගෙන‍ෙ බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ පාවිච්චිය සඳහා විශාල ප්‍රමාණයේ නවීන රූපවාහිනී යන්ත්‍ර හතරක්‌ ලබාදී ඇති බවට මත්ද්‍රව්‍ය නාශක අංශ බුද්ධි නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති බව වාර්තා වනවා.
 
කෙසේ වෙතත් රුපියල් කෝටි 120 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ සමග සුසෙයි නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ලබා දී තිබූ නවීන රූපවාහිනී හතර අතුරුදහන් වී ඇති බවයි සඳහන් වන්නේ.
 
මේ අතර බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක්‌ සුසෙයි සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇති අතර සුසෙයිගේ ජංගම දුරකථනවල තිබී බන්ධනාගාර නිලධාරීන් අට දෙනකුගේ දුරකථන අංක පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පසුගියදා සොයාගෙන තිබිණා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

හැමතැනම රතු පාට වූවත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගැටලු නැහැ – ඇමති බිමල් රත්නායක

Shiran Viraj

ගීතාගේ මන්ත්‍රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අද

Shiran Viraj

උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

Shiran Viraj
Translate »