mediahumanrights.lk
NewsPolitical

"අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු" – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයි

පළාත් පාලන මැතිරවණයේ ප‍්‍රතිඵලත් සමග රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේදැයි ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් තවමත් සිටින්නේ සාකච්ඡා කරමින්.
එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සන්ධාන ආණ්ඩුවක් සඳහා වන ගිවිසුමද මේ වනවිට කල් ඉකුත් වී තිබෙනවා. එම ගිවිසුම යළි දීර්ඝ කරන්නේද නැතහොත් එක්සත් ජාතික පක්ෂය සහ  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙතැන් සිට වෙනවෙනම කටයුතු කරන්නේදැයිද තවමත් ස්ථිර අදහසක් ප‍්‍රකාශ වී නැහැ.
ඇතිවී තිබෙන මෙම දේශපාලන ව්‍යාකූලතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ කැපීපෙනෙන වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට ජනාධිපතිවරයා ඉදිරයේදී කටයුතු කරනු ඇති බවයි.
“වර්තමාන අගමැතිතුමා සහ මැතිවරණ ප්‍රතිඵලය යන කාරණා සැළකිල්ලට අරගෙන ආණ්ඩුව තුළ වෙනස්කම් කළ යුතු බව… ජනාධිපතිතුමා කිව්වේ ඒ වෙනස්කම් ටික අනිවාර්යයෙන්ම කරනවා කියලයි. විවිධ පක්ෂ, දේශපාලන නායකයින් ආදී මේ සියලු දෙනා සමග සාකච්ඡා කරලා රටට දැනෙන වෙනස්කම් කිහිපයක් ජනාධිපතිතුමා කරනවා. අගමැතිතුමාගේ පැත්තෙන් ඒ සඳහා සහයෝගය දුන්නේ නැත්නම් අපිට පුළුවන් අපේ පැත්තෙන් අවශ්‍යකරන තීන්දු ගන්න..”
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් දැයිද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්ණ කළා.
එහිදී “වර්තමාන අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑ. ඒක වෙනස් කිරීමට තීන්දු කරන්න ඕනේ කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. එතකොට ප්‍රධාන තනතුරුවල වෙනස්කම් වෙනවා. රටේ නීතියට අනුකූලව.” යනුවෙන් සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..

Shiran Viraj

වැව් පද්ධතියේ පෞද්ගලික ඉදිකිරීම් ඉවත් කර වැව් සුරක්ෂිත කිරීමට දැඩි පියවර ගන්නා බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි

Shiran Viraj

මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයි

Shiran Viraj
Translate »