mediahumanrights.lk
News Sports Sports News

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීම නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 09ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තේය.
මොහොමඩ් හපීෂ් ලකුණු 60යි.
සදාබ් ඛාන් ලකුණු 52යි.
පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ලොකී ප්‍රර්ගසන් කඩුලු 03ක් ද ටොඩ් ඇසල්න් සහ ටින් සවුති  කඩුලු 02 බැඟින් දවා ගත්තේය.
තරඟය අතරවාරයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුයිස් න්‍යායට අනුව තරඟය ජයග්‍රහණය සඳහා පන්දුවාර 25කදී ලකුණු 151ක ඉලක්කයක් නවසීලන්ත කණ්ඩායමට හිමි වුණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දුවා 23යි පන්දු 05කදී ලකුණු 151ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.
මාර්ටින් ගප්ටීල් නොදැවී ලකුණු 86යි.
රොක්ස් ටේලර් නොදැවී ලකුණු 45යි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේ

Shiran Viraj

කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..

Shiran Viraj

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයි

Shiran Viraj