2026-09-17
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හෙළි වෙයි

ඊයේ නිමාවුණු දෙදින පුහුණු තරගයේ දැක්වු සුවිශේෂී දස්කම් හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මෑතකදී එක්වු සදිර සමරවික‍්‍රම ඉන්දියාව සමග ලබන නොවැම්බර් මස 16වනදා කල්කටා ඊඩ්න් ගාඩ්න් ක‍්‍රිඩාංගනයේදී ආරම්භවීමට නියමිත ප‍්‍රථම ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරු වශයෙන් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
සදීර සමරවික‍්‍රමට අමතරව දිමුත් සමග ආරම්භක පිතිකරු ස්ථානයේ ක‍්‍රීඩා කිරීම සදහා ධනංජයද සිල්වා ගේ නමද යෝජනා වී තිබිණ.ඉන්දියානු සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැති දෙදින පුහුණු තරගයේදී දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ආරම්භ කළ සදීර වේගවත් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වු අතර දිමුත් සමග එක්ව ආරම්භක කඩුල්ල සදහා ලකුණු 133ක සම්බන්ධතාවක්ද පැවැත්වීමට සමත් විය.
පාකිස්තානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේදී  ටෙස්ට් වරම් හිමිවු සදීර සිය පළමු තරගයෙන්ම දෙස් විදෙස් ක‍්‍රීඩා විචාරකයින්ගෙන් පවා පැසසුම් ලැබීමට සමත් විය.
(under the courtesy of hitnews.lk news web)

Related posts

කනඩා පනින්න ගිය උද්දික වැලිකඩට ලංවේ..

Shiran Viraj

සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයි

Shiran Viraj

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

Shiran Viraj
Translate »