mediahumanrights.lk
NewsSportsSports News

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනී

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
එයට සහභාගී වූ මහේල ජයවර්ධන පවසා සිටියේ පැවැත්වුණු හමුව ඉතා හොඳ එකක් බවත්,පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමට උපකාර වීමට සහ බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරිම සඳහා විනිවිදභාවයෙන් යුතු සැළසුමක් ගෙන ඒමට තමාට හැකිවෙතැයි බලාපොරාත්තු වන බවයි.
ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය,මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන පිරිස සහ පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් මෙම කමිටුව සමන්විතයි.
(under the courtesy of adaderana news web)

Related posts

විද්‍යා ඝාතනයට සැක පිට අැල්ලූ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්

Shiran Viraj

ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්

Shiran Viraj

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

Shiran Viraj
Translate »