mediahumanrights.lk
International NewsNews

මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයි

මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.
මෙතෙක් පැවති නීතියට අනුව ටියුනීසියානු ජාතික කාන්තාවක හා විවාහ වීමට බලාපොරොත්තු වන අන්‍යාගමික පුරුෂයෙකු ඉස්ලාම් දහම වැළඳගත යුතුව තිබුණා.
අන්‍යාගමික පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් 1973 දී ක්‍රියාත්මක කරන ලද නීතිය ඉවත් කරමින් ටියුනීසියානු ජනපති බේජි එසේබ්සි මෙම තීරණය ගෙන තිබෙනවා.
ජාතික කාන්තා දිනය සමරමින් පසුගිය මාසයේ පැවති උත්සවයක් ඇමතූ ජනාධිපතිවරයා විසින් පැරණි විවාහ නීතිය හඳුන්වනු ලැබුවේ “සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහසට ඇති බාධාවක්” ලෙසයි.
මෙම නව නීතිය බලාත්මක කිරීමත් සමග යුවලකට ආණ්ඩුවේ කාර්යාලයක් තුළ සිය විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාවද හිමි වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලා

Shiran Viraj

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Shiran Viraj

රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

Shiran Viraj
Translate »