mediahumanrights.lk
International NewsNews

බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සියයට 53කට ආගමක් නෑ

බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සියයට 53කට පමණ කිසිදු ආගමක් නොමැති බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ආගම් ඇදහීමෙන් වැළකී සිටීම ප්‍රවණතාවක් වී ඇති අතර එම ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සමීක්ෂකයින් පෙන්වා දෙයි.
2015 වර්ෂයේදී එම අගය සියයට 48ක් වී ඇති අතර 1983 වර්ෂයේදී එය සියයට 31ක් වූ බව සඳහන් වෙයි.
මෙලෙස ආගම් ඇදහීම අතහරින පිරිස අතරින් සියයට 71ක් පමණ වයස අවුරුදු 18ත් 24ත් අතර පසුවන්නන් බව අදාළ සමීක්ෂණ වාර්තා මඟින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.
බ්‍රිතාන්‍යයේ දේවස්ථානවල සාමාජිකත්වය ලබාගෙන ඇති  පිරිස සියයට 15ක් පමණක් වන අතර එම පිරිසද අඩුවෙමින් පවතින බව අදාළ නිරීක්ෂකයින් පෙන්වා දෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Shiran Viraj

Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

Shiran Viraj

තවත් බදු කිහිපයක් අඩු වන ලකුණු

Shiran Viraj
Translate »