2026-09-15
mediahumanrights.lk
Local NewsNews

දැරියන් තිදෙනාට හදි කළ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවට

බාල වයස්කාර දැරියන් තිදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවකට ලක් කර සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කර තිබේ.
පසුගිය මැයි මාසයේදී වාර්තා වූ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය  පැවසුවේය.
වින්දිත පාර්ශවය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර වින්දිත ළමුන් තිදෙනාගෙන් වීඩියෝ සාක්ෂි පටගත කිරීම සඳහා අවසර හිමිව තිබේ.
ඒ පිළිබඳ නඩුව සැප්තැම්බර් මස 11 වනදා යළි කැදවීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..

Shiran Viraj

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියි

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj
Translate »