31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

කළුතරට පැය 16ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශයට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ, ලංකා විදුලි බල  මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා විදුලිය සැපයීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්.
ලබන බදාදා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ජල කප්පාදුව සිදු කෙරෙනවා.
ඒ අනුව වාද්දුව. වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ඇති.
එමෙන්ම බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අළුත්ගම සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවල ද ජල සැපයුම විසන්ධි කරන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

තව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතර

Shiran Viraj

වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්

Shiran Viraj

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj
Translate »