mediahumanrights.lk
Local NewsNews

කාලෝ වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්න

තමාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේ දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තවදුරටත් අපහසු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (10) පෙරවරුවේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීමට ගිය අවස්ථාවේදීයි.
වෛද්‍යවරුන්, ඔහුගේ නිවසේ දී මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවුණේ සංදේශයක් ද භාරදීමේ  අරමුණින්.
එහිදී ඔහු ප‍්‍රකාශ කළේ වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ තමාගේ කාල සීමාව තවදුරටත් දීර්ඝ කරන්නැයි ඉල්ලා වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කරන්නේ නම් එය අනුමත නොකරන බවයි.
මෙහිදී සිය දෑත් එකට එකතු කර වැඳ ඔහු බැගෑපත්ව සඳහන් කළේ “අනේ මම නිසා නම් කිසිලෙසකින්වත් වැඩවර්ජනයක් කරන්න එපා.” යනුවෙනි.
තමාගේ දායකත්වය නොමැතිව වුවද තවදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහය පළ කරන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහිදී ප‍්‍රකාශ කළා.
වෛද්‍යවරයෙකු බිහි කිරීමට අදාළ නියමිත ප‍්‍රමිතිය කිසි ලෙසකින් හෝ ලිහිල් නොකළ යුතු බවත් සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය ද පිළිගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ. එහි ප‍්‍රමිතිය සකස් කළ නොහැකි බවත් සයිටම් ආයතනය වහා අහෝසි කළ යුතු බවත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය

Shiran Viraj

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj
Translate »