mediahumanrights.lk
Local NewsNews

වැස්ස නිසා එන ආපදා ගැන අවදානයෙන් සිටින්නලු

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග අගලවත්ත ප‍්‍රදේශයේ නායයාම් අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ එම ප‍්‍රදේශයේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇති බවයි.
මේ අතර අද (10) දිනයේ ද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇති වෙන බවයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන් කළා.
මේ අතර කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා. ඒ, පවතින වැසි සහිත තත්ත්වය සහ ජලාශයේ ජනන යන්ත‍්‍ර දෙකක් හදිසියේ ක‍්‍රියා විරහිත වීම හේතුවෙන්.
ඊයේ (09) රාත‍්‍රියේ මෙලෙස විවෘත කළ ප‍්‍රධාන වාන් දොරටුව මේ වනවිට වසා දමා ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන ප‍්‍රකාශ කළේ රාත‍්‍රී 9.30ට පමණ විවෘත කළ ප‍්‍රධාන වාන් දොරටුව රාත‍්‍රී 10.30ට පමණ වසා දැමුණු බවයි.
එහෙත් කුඩා වාන් දොරටු තවදුරටත් විවෘත බව ඔහු සඳහන් කළා. ඉන් තත්පරයට ඝණ මීටර් 40ක පමණ ජල ධාරිතාවක් මුදා හරින බවයි ප‍්‍රකාශ කෙරුණේ.
කුකුලේ ගඟ ජලාශයේ ජනන යන්ත‍්‍ර 02ක් හදිසියේ අක‍්‍රීය වී ඇත්තේ ප‍්‍රදේශයේ විදුලිය බිඳ වැටීම හේතුවෙන්. ඒ, බියගම ග‍්‍රීඩ් උපපොලේ සිට පන්නිපිටිය ග‍්‍රීඩ් උපපොල දක්වා විදුලිය රැගෙන එන කිලෝවොට් 220 ක සම්පේ‍්‍රෂණ රැහැන් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන්.
මෙම රැහැන් පද්ධතියේ එක් රැහැනක් කඩා වැටී තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතර කොටසටයි. ඒ අනුව අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ දොරටුව තාවකාලිකව වසා දැමීමට සිදු වුණා. පසුව යතාතත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව එම පිටවීමේ දොරටුව යළි විවෘත කෙරුණා.
මේ හේතුවෙන් ගාල්ල, මතුගම, පානදුර, හොරණ සහ අම්බලන්ගොඩ යන ප‍්‍රදේශවලට විදුලිය විසන්ධි වුණා. ඊයේ රාත‍්‍රියේම යළි එම ප‍්‍රදේශවලට විදුලිය ලබාදුන් බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයි

Shiran Viraj

කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

Shiran Viraj

රනිල් අද ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයනවා-අනුර

Shiran Viraj
Translate »