mediahumanrights.lk
Local News News

යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයි

යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, ඔහු පොළොන්නරුව දිස්ති‍්‍රක්කය භාර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා ලෙස සිටි සමයේ සිදුවූ අයථා මුදල් පරිහණය කිරීමක් සම්බන්ධයෙන්.
2015 වසරේ තොප්පිගල ප‍්‍රදේශයේ සිදුවූ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබාදුන් රුපියල් මිලියන 10 ක මුදලක් සාපරාධි ලෙස පරිහරණය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.
හමුදා නිලධාරීන් පිරිසක් පොලිස්පතිවරයාට යොමුකර ඇති මෙම පැමිණිල්ල වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

Shiran Viraj

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

Shiran Viraj

බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..

Shiran Viraj