2026-09-17
mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු මදුරු ඝනත්වය හය ගුණයකින් ඉහලට

පෙර වසරවලට සාපේක්ෂව ඩෙංගු මදුරු ඝණත්වය හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති නජිත් සුමනසේන සදහන් කළේ ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිදුකළ නවතම සමීක්ෂණ ඔස්සේ මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ක්ෂණිකව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් නොගැනීම නිසා තවදුරටත් ඩෙංගු රෝගය පාලනය වීමක් පෙන්නුම් නොකෙරන බවයි.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ද ඩෙංගු රෝගය පැතිරයාම වේගවත් කිරීමට හේතුවක් වී තිබෙනවා.
කෙසේ වෙතත්, හෙට සිට පළාත් කිහිපයකට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඊට ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යන දිස්ත්‍රික්ක ද ඇතුළත්.
(under the courtesy of hirunews news web)

Related posts

ජපානයට ඇමරිකාවෙන් ආසියාවේ විශාලතම බදු සහනයක් – නව වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප් අත්සන් කරයි

Shiran Viraj

මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

Shiran Viraj
Translate »