mediahumanrights.lk
Local NewsNews

ඉන්දීය යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරීමට තීරණයක්

මෙරටට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත විමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමට තීරණය කර ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් පිළිවෙල අනුව එම යාත්‍රා නිදහස් කිරිමට තීරණය කර ඇති බව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ(15) පැවැති ධීවර උපදේශක සභාවේ රැස්විමට එක්වෙමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත.
ඉන්දු – ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට මේ දක්වා පැවැති සාකච්ඡා ධනාත්මක ප්‍රතිඵල සහිත විම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ගත් නම්‍යශීලි තීරණයක් අනුව පළමුව 2015 වසරේදී අත්අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරිමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒවා භාර ගන්නා ලෙස ඉන්දිය රජයට දැනුම්දී ඇති අතර එම ධීවර යාත්‍රා නිදහස් කරන්නේ යළි ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන කොන්දේසිය මත බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ධිවර යාත්‍රා නිදහස් කිරිමේදී උතුරේ ධිවර ප්‍රජාවගේ ද අදහස් විමසූ අතර ඔවුන් කොන්දේසි සහිතව යාත්‍රා නිදහස් කිරිමට ලිඛිත එකඟතාවක් පළ කර ඇති බව අමාත්‍යාවරයා පවසයි.
ඉන්දිය මධ්‍යම රජය විසින් ගන්නා ලද යහපත් හා සාධනීය තීරණ  හේතුවෙන් මෙන්ම මුහුදු සීමා උල්ලංඝණය කරන ධිවරයින් අත්අඩංගුවට ගැනිම හේතුවෙන් මේ වන විට ඉන්දිය ධීවර යාත්‍රා මෙරටට මුහුදු සීමාවට පැමිණිම අඩු වී ඇති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
ධීවර යාත්‍රා නිදහස් කළ ද අත්අඩංගුවට ගැනිමේ කටයුතු කිසිසේත්ම අඩු නොකරන බව කියා සිටි අමාත්‍යවරයා එම කටයුතු තවදුරටත් පුළුල් කිරිමට කටයුතු කරන බව ද පැවසීය.

(under the courtesy of adaderana news web)

Related posts

වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලා

Shiran Viraj

ආමර් වීදියේ වෙඩි තැබීමක්

Shiran Viraj

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

Shiran Viraj
Translate »