28.4 C
Colombo
2026-07-07
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

චූලක්‌ෂි කම්මැලි නැතිලු…

පසුගියදා ස්‌පාඤ්ඤයේ පැවැති ඉන්ටර් නැෂනල් ෆොෆීමේල් ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් 2017 තරගාවලියේදී ලොව හොඳම නිරූපිකාව බවට පත්වුයේ චුලක්‍ෂි රණතුංගය. ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ ලංකාවට රැගෙන ආ චුලක්‍ෂි ඒ ගැන මෙලෙස මීවිතට අදහස්‌ දැක්‌වූවා.
චුලක්‍ෂි ලෝකයේ හොඳම නිරූපිකාව වීම ගැන මොකද හිතෙන්නේ ?
විශේෂයෙන්ම ලංකාවට කීර්තියක්‌ ගෙන ඒමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි.
මේ තරගාවලියට රටවල් කීයක්‌ සහභාගි වුණාද?
රටවල් විස්‌සක්‌ සහභාගි වුණා. අවසන් මහා තරගයට රටවල් දහඅටක්‌ විතර සහභාගි වුණා.
කොහොමද මේ ආරාධනාව ලැබුණෙ ?
ලංකාවෙන් මේ තරගාවලියට මාව සූදානම් කළේ බ්‍රයන් කර්කෝවන් සහ කමිල් හේවාවිතරණ යන දෙපළ විසින්.
මේ තරගයට ඉදිරිපත් වුණ වෙලාවේ හිතුවාද කිරුළ ඔබට හිමිවේවි කියලා ?
ජයග්‍රහණය බලාගෙන තමයි, මම මේ තරගාවලියට ඉදිරිපත් වුණේ. මොකද ලංකාවේ මගේ වෘත්තිය නිරූපණය සහ රංගන ක්‍ෂේත්‍රය. මට ඒ දෙඅංශයෙන්ම අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම හිතුවා, මේ තරගාවලිය ජයගන්න පුළුවන් කියලා. දැඩි කැපවීමක්‌ මම කළා.
මේ තරගයේ නම මොකක්‌ද කියලා කිව්වොත් ?
ඉන්ටර් නැෂනල් ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ්, ඉන්ටර් නැෂනල් ෆීමේල් ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් 2017.
ඇත්තටම ඔබට මේ තරගාවලියේදී අභියෝගයක්‌ තිබුණේ නැතිද?
මාසයක්‌ ඇතුළත තමයි, මට මේ තරගාවලියට සහභාගි වෙන්න ආරාධනාව ලැබුණේ. ඒ මාසය ඇතුළත මගේ පැත්තෙන් පෞද්ගලිකව සකසාගන්න මට ගොඩක්‌ දේවල් තිබුණා. සිරුගේ හැඩය ගැන මට අවධානය යොමුකරන්න වෙලා තිබුණා. ඒ වැඩත් එක්‌ක අනෙකුත් සියලු වැඩකටයුතු කරන එක තමයි, අභියෝගයක්‌ වෙලා තිබුණේ.
විශේෂයෙන් නිරූපිකාවන්ට සිරුරේ හැඩය වැදගත්. සිරුරේ හැඩය පවත්වාගන්න ඔබ මොනවාද කළේ ?
මම කම්මැලි නැති චරිතයක්‌. එදිනෙදා ව්‍යායාම් අනිවාර්යයෙන්ම සිදු කරනවා. ව්‍යායාම් කරන්න කිසිම අලසකමක්‌ නැහැ. ඊට අමතරව කෑම පාලනයක්‌ සිදු කරනවා නම් ගොඩක්‌ හොඳයි කියලා. මම ශරීරය කෙට්‌ටුවෙනවා මහත්වෙනවා කියලා බය වෙන්නේ නැහැ. මම දන්නවා මට නිsළියක්‌ විදිහට හා නිරූපිකාවක්‌ විදිහට සිරුර කොහොමද තියාගන්න ඕනෑ කියලා.
ලංකාවේ නිරූපිකාවන්ට ජාත්‍යන්තර තරගවලදී බිකිණි අඳිනවා කියන ප්‍රශ්නය ගොඩක්‌ දුරට බලපානවා. ඒක ඔබට කොහොමද බලපෑවේ?
මම ගමේ චරිතයක්‌. මම මගේ පවුලේ අය සමග ඒ ගැන කතා කළා. අනික මම යන තරගාවලියේ ජයග්‍රහණය කරන්න ඒ දේ කරන්න ඕනෑ. බෙස්‌ට්‌ ෆිගර් පැජන්ට්‌ එකේදී අපි අනිවාර්යයෙන්ම බිකිණියක්‌ අඳින්න ඕනෑ. ඒක අඳින්නේ මම ආසාවට නෙමෙයි, තරගාවලියට විතරනේ. ඒ ගැන එතරම් හිතුවේ නැහැ.
ලංකාවේ නිරූපිකාවන් බිකිණි අඳිනවා කිව්වහම මිනිස්‌සු වපර ඇසින් බලනවා නේද?
මම නම් හිතන්නේ මනුස්‌සයෙක්‌ ඇඳුමෙන් මනින්න බැහැ. අපි බලන කෝණය අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ. ලංකාවට සංස්‌කෘතියක්‌ තියෙනවා. අපි ඒක ඇඳගෙන පාරේ යනවාවත් නැතිනම් ගමන් බිමන් යනවාවත් නෙමෙයි. අපි ඒ කර්තව්‍ය සඳහා විතරයි සහභාගි වෙන්නේ. ඒක්‌තරා අවස්‌ථාවකදී අපිට ඒක ඇඳිය යුතුම වෙනවා.
චුලක්‍ෂිට නිතර නිතර ජාත්‍යන්තරය නියෝජනය කරන්න අවස්‌ථාව උදාවෙනවා ?
ඇත්තටම මට ඒ ගැන සතුටුයි. ජාත්‍යන්තරයට ගිහිං ලංකාවට යමක්‌ කරන්න ලැබීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ කිරුළ මට විතරක්‌ නෙමෙයි. මම ලංකාවට තමයි මේ කිරුළ ගෙන ආවේ. ලාංකිකයෙක්‌ වශයෙන් මම රටට දෙයක්‌ කළා.
දේදුණු ආකාසේට ලැබෙන ප්‍රතිචාර අනුවද නිළියක්‌ වෙනවාද නැතිද කියලා තීරණය කරන්නේ ?
නැහැ. මම බලාපොරොත්තු වෙනවා මගේ තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට ලොකු ගමනක්‌ යන්න.
ගොඩක්‌ නිරූපිකාවන් නිළියන් වුණහම රඟපෑමට තමයි වැඩි දායකත්වය ?
මම නිරූපණයෙන් බැහැර වෙනවා කියලා කියන්නේ නැහැ. තෝරාගත් සහ මට ගැලපෙනවා කියලා හිතෙන හොඳ නිරූපණ වැඩසටහන්වලට මම ඉදිරිපත් වෙනවා. රඟපෑමට ආවා කියලා නිරූපණයට සමුදෙන්නේ නැහැ. මම ලංකාවට නිරූපණයෙන් යමක්‌ කළා. ඇත්තටම නිරූපණයට සමුදෙන එක තේරුමක්‌ නැහැ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

Shiran Viraj

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව ඛනිජ තෙල් සභාපති පවසයි

Shiran Viraj
Translate »