mediahumanrights.lk
Local NewsNews

මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්

විවාහක යුවලක් කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මධුසමය ගතකරමින් සිටියදී එම හෝටලයට කඩා වැදුණු මනාලියගේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී  ඔහු සතු දේපල මෙන්ම මනාලියද රැගෙන ගිය පුවතක් වාර්තාවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මනාලයා විසින් කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
පැමිණිල්ලේ සඳහන් වෙන්නේ මනාලියගේ ඥාතීන් පිරිස මනාලිය පැළඳ සිටි රුපියල් 40,000 ක මුදුව සහ හෝටලයේ බිල ගෙවීමට තිබු රුපියල් 50,000 ක්  මෙන්ම ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇති බවයි.
විවාහ වනවිට තරුණයාගේ වයස 26 ක් සහ තරුණියගේ වයස 21 ක් වන අතර මෙය යෝජනාවකට අනුව සිදුවූ විවාහයක් බවයි සදහන් වෙන්නේ.
කෙසේ වෙතත් මංගල රාත්‍රිය දා මනාලයා සහ මනාලිය අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
ඒ පිලිබඳ මනාලිය විසින් අයගේ ඥාතියෙකුට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර පසුව රාත්‍රී 10.00 ට පමණ ඇයගේ ඥාතීන් පිරිසක් පැමිණ මනාලයාට පහරදී ඔහු සතු ඉහත කී දේපල රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්

Shiran Viraj

කොදෙව්වන්ට ලකුණු 106 ජයක්

Shiran Viraj

රන් මිල පහතට

Shiran Viraj
Translate »