2026-02-09
mediahumanrights.lk
Local NewsNews

ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ හරහා ආණ්ඩුව දූෂිත ගනුදෙනුවකට සැරසෙන බවට රෝහිණී කවිරත්න මහත්මියගෙන් චෝදනාවක්

‘හදිසි මිලදී ගැනීම්’ යන ලේබලය යටතේ ගල් අඟුරු සැපයුම තමන්ගේ ‘රන් ආකරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සාහ දරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසන්නීය. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ දූෂිත බලශක්ති මාෆියාව ඉන්ධන, විදුලිය සහ ගල් අඟුරු ජාවාරම සඳහා භාවිත කරන ප්‍රධානතම මෙවලම මෙම ‘හදිසි මිලදී ගැනීම්’ බවයි. විදුලිය කැපීමේ භීතියක් මවමින් ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටතේ ගල් අඟුරු නැව් 8 සිට 10 දක්වා මිලදී ගැනීමට රජය දරන උත්සාහය මන්ත්‍රීවරිය මෙහිදී දැඩිව විවේචනය කළාය.

සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි මිලක් ගෙවා සිදු කරන මෙම ගනුදෙනු හේතුවෙන් අවසානයේ විදුලි බිල ඉහළ යාම හරහා පාරිභෝගිකයාට මෙන්ම රටට ද විශාල විනාශයක් අත්වන බව ඇය අවධාරණය කරයි. මේ වන විටත් ප්‍රශ්නකාරී ගල් අඟුරු නැව් 6ක් ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති අතර තවත් නැව් 4ක පැටවීම් ආරම්භ කර තිබේ. එවන් පසුබිමක නැවතත් හදිසි මිලදී ගැනීම්වලට යොමු වීම අල්ලස හා දූෂණය යටතට වැටෙන වරදක් බව ඇය පෙන්වා දෙයි.

නිසි ක්‍රමවේදයකින් ගල් අඟුරු මිලදී ගැනීමට රජයට මාස 11ක කාලයක් තිබියදීත්, එය සිදු නොකර මෙවැනි දූෂිත ගනුදෙනුවලට ඉඩ සලසා දීම පිළිබඳව අදාළ සියලු ආයතන වහාම අවධානය යොමු කළ යුතු බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය. ප්‍රමිතියෙන් බාල ඉන්ධන ගෙන්වීම සහ ඩීසල් බලාගාර මාෆියාව නිසා ජනතාව දැනටමත් පීඩා විඳින බවත්, නව රජය ද එම අඩිපාරේම ගමන් කිරීම කණගාටුදායක බවත් ඇය පවසන්නීය.

Related posts

කොළඹ රථවාහන නිරීක්ෂණ කැමරා පද්ධතියේ දෝෂ මධ්‍යයේ නව නවීකරණ වැඩපිළිවෙළක්

Shiran Viraj

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

Shiran Viraj

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

Shiran Viraj
Translate »