26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව එම සංස්ථාව සඳහන් කරයි.

නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් හැර අනෙකුත් ප්‍රධාන ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දමා ඇත. සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ.

ඉන්ධන වර්ගයමිල වැඩිවීම (රු.)නව මිල (ලීටරයක් – රු.)
ලංකා සුදු ඩීසල් (Auto Diesel)2.00279.00
ලංකා සුපිරි ඩීසල් (Super Diesel)5.00323.00
ඔක්ටේන් 95 පෙට්‍රල් (Octane 95)5.00340.00
භූමිතෙල් (Kerosene)2.00182.00

ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර එය පැවති මිලටම (රු. 294) අලෙවි කෙරේ.

ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය දේශීය මිල ගණන් කෙරෙහි සෘජුව බලපා ඇති බවත්, පවතින මිල සූත්‍රයට අනුව මෙම පියවර ගත් බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කරයි. 

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සහ සිනොපෙක් (Sinopec) සමාගම ද සිය මිල ගණන් සංශෝධනය කර ඇත.

Related posts

බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්

Shiran Viraj

ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

Shiran Viraj

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

Shiran Viraj
Translate »