2026-07-03
mediahumanrights.lk
Local NewsNews

උතුරේ ලක්ෂයකට අධික පිරිසක් විපතට; මන්නාරම දරුණුම තත්ත්වයේ

උතුරු පළාතේ පවුල් 40,000කට අධික සංඛ්‍යාවක් අයත් පුද්ගලයින් 131,490ක් මේ වන විට ගංවතුර, සුළං සහ වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කරයි.

මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මන්නාරම් දිස්ත්‍රික්කයට වන අතර, එහි 79,946 දෙනෙකු විපතට පත්ව ඇත. යාපනය දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 31,871ක් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගංවතුර හා වැව් වාන් දැමීම හේතුවෙන් පහත් බිම්වල ජල ගැලීම් ඇති විය හැකි බැවින් දැඩි අවධානයකින් පසුවන ලෙසයි.

මේ අතර, පීඩාවට පත් ජනතාවට සහ ආරක්ෂිත ස්ථානවල සිටින අයට අවශ්‍ය ආහාර හා පහසුකම් ලබා දීම ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.

Related posts

පොහොට්ටු ලේකම්ගේ නිවේදනය වැරදියි.. ගම්මන්පිලගේ විශ්වාසභංගය පරදවනවා..

Shiran Viraj

12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

ඇමති ධූර ගන්න ඒකාබද්ධයේ අය සූදානම් – සන්ධානයේ මන්ත්‍රීවරු 95ම එක් වෙයි

Shiran Viraj
Translate »