25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

මාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..

CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථවාහන වැරදි වලට අදාලව ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වන්නේ, රියදුරන් විසින් සිදුකරනු ලබන රථවාහන වැරදි සඳහා පොලිස් නිලධාරින් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙතරැගෙන ගොස් ගෙවිම් සිදුකර එම කුවිත්නාසි පත නැවත පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීමයි.

නමුත් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දඩ මුදල ගෙවීම සිදුකර එය කෙටි පණිවිඩයක් ඔස්සේ රථවාහන නිලධාරින් වෙත තහවුරු කිරිමෙන් අනතුරුව එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදා හැරීම සිදුවන බැවින් මහජනතාවට අපහසුවකින් තොරව කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවස්ථාව සැලසේ.

ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය 2025.04.11 වන දින සිට 2025.04.30 වන දින දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

ඒ තුලින් මෙම නියමු ව්‍යාපෘතිය තුලදී සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස් කර ගැනීමෙන් පසු දිවයින පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරනු ලබයි.

Related posts

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

Shiran Viraj

ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.

Shiran Viraj

ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්

Shiran Viraj
Translate »