mediahumanrights.lk
NewsPolitical

දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමති

දේශපාලනඥයන්ට පාසල් වලට යන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැනුම්දීමක් කර නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

දේශපාලඥයන් පාසල් උත්සව වලට සම්බන්ධ වීම ගැන බීබීසී සේවය විසින් කළ විමසීමකදී ඔහු එසේ සඳහන් කර තිබුණේය.

‘සදාචාරාත්මක විදිහට පාසල් තුළට දේශපාලනය ගෙනියන්න එපා’ යනුවෙන් අග්‍රාමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබූ බව ඔහු පැවසුවේය.

ඒ අනුවල දේශපාලනඥයින් පාසල් උත්සවවලට සහභාගි නොවන ලෙස නියෝග කර නැතැයිද ඔහු පැවසීය.

‘අගමැතිතුමිය කියලා තිබුණේ පාසල දේශපාලන කටයුතුවලට යොදා ගන්න එපා කියන එක යි. එහෙම නැතුව පාසල්වලට යන්න එපා කියල නිවේදනය කරල තිබුණේ නෑ’

කෙසේ වෙතත් එවැනි උත්සවවලට සහභාගි වීමෙන් පාසල්වලට දේශපාලනය ඇතුළු වීම වැළැක්විය හැකි යනුවෙන් ඇසූ ප්‍රශ්නයට නියෝජ්‍ය ඇමතිවරයා දුන් පිළිතුර වූයේ ‘එහෙම වෙන්නෙ නෑ’ යන්නයි.

දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි වීම තහනම් කර නොමැති බවත් අවශ්‍ය නම් ඒවාට සහභාගි විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්

Shiran Viraj

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

Shiran Viraj

IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..

Shiran Viraj
Translate »