mediahumanrights.lk
NewsPolitical

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

මෙම කටයුත්ත සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ එම දෙපාර්ශවය සමඟම කටයුතු කරමින් සිටින ප්‍රබලම ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් කිහිප දෙනෙකි.

ඊට හේතු වී ඇත්තේ මෙම ජනාධිපතිවරණයේදී කිසිවෙකුට සියයට පනහක ඡුන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇති බව සමීක්ෂණ ගණනාවකින් හෙළිව තිබීමයි.

මෙම සාකච්ඡාවන් සාර්ථක වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊළඟ ආණ්ඩුවේ ඉහළම තනතුරු බෙදී යාම සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.

මේ පිළිබඳව වන සාකච්ඡා කිහි වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වුවත් ඒ පිළිබඳව වැඩි තොරතුරු වාර්තා නොවෙයි.

Related posts

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

Shiran Viraj

සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයි

Shiran Viraj

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

Shiran Viraj
Translate »