31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..

නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘතියක් සදහා වෙන් කල අක්කරයක ඉඩමක් ලබානොදෙන්නේ නම් මැතිවරණයෙන් පසු තමන් පිලිබදව දැඩි තිරණයකට එළඹෙන බවට මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරිවරයගේ සැමියා යැයි පවසන පුද්ගලයෙකු තමන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබාදුන් බව නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් ප්‍රගිත් දරන්සුරිය මහතා පැවසිය.

හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියාට බදු පදනමක් මත හිමිව තිබු බව පවසන ඉඩමක් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරිමෙන් පසු එම ඉඩමට යාබදව පිහිටි අක්කරයක පමණ වපසරියකින් යුත් මෙම ඉඩම ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරියගේ සැමියා විසින් තමන්ගේ ලිඛිතව ඉල්ලිමක් කර තිබු බවත්, එවැනි ඉඩමක් ලබාදිමට තමන්ට නිතියානුකුල බලයක් නොමැති බවට හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියාට ලිඛිතව දැනුම් දිමෙන් පසු ආණ්ඩුකාරවරියගේ සැමියා ඉකුත් (28) දින තමන්ට දුරකථන ඇමතුමක් ලබාගෙන ජනාධිපති මැතිවරණයෙන් පසු තමන් පිලිබදව දැඩි තිරණයකට එළඹෙන බවට එම පුද්ගලයා විසින් තමන්ට දුරකථන ඔස්සේ තර්ජනය කල බවට නුවරඑලිය මුලස්ථාන පොලිසියට සහ නුවරඑලිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව පැමිණිලි කල බවයි ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ.

– Reproter

Related posts

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

Shiran Viraj

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

Shiran Viraj

සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

Shiran Viraj
Translate »