26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින්  ඉදිරි  ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ “අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ, සිය දේශපාලන කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වරක් ජනාධිපතිධූරයට පත්වීමටනම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගට අත්‍යාවශ්‍ය වන බවයි.

“ මම දන්න ආකාරයට නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැහැ. ඒ වගේ තනතුරකට එන්න තව අද්දැකීම් ලබන්න ඕන. නාමල් රාජපක්ෂ තරුණයෙක්. ජනාධිපතිවෙන්න ඔහුට තව කල් තිබෙනවා. යම් හෙයකින් මේ ජනාධිපතිවරණයේදි අපේක්ෂකයා විදියට නාමල් රාජපක්ෂ දැම්මොත් මම ඔහුට උදවු කරන්නේ නැහැ. මම දේශපාලනයෙන් නිහඬ වෙනවා.

මේ වෙනකොට පක්ෂයේ සියයට 80ක් විතර ඉන්නේ ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපතිවරායට සහය දිය යුතුයි කියලා. දැනටමත් ජනාධිපතිවරණය හා අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවේ ප්‍රථිඵලය අනුව පක්ෂය නිවරදිම තීන්දුව ගනීවි. රනිල් වික්‍රමසිංහ ඒක්ක අපිට දේශපාලනිකව ප්‍රශ්න තිබුණා. ඔහුව 27 වරක් පැරැද්දුවේ අපේ දේශපාලන කඳවුර. නමුත් අභියෝගාත්මක වෙලාවේ ඔහු ඉදිරියට ඇවිල්ලා වැඩ පෙන්නුවා. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස වගේ අය තමන්ගේ දේශපාලන මතය ජනප්‍රිය කරගන්න කයිවාරු ගහපු එක විතරයි කළේ.

අනුර කුමාර චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක්. ඔහු වැව් හදන්න ගිහිල්ල ඒ වැඩේ අනාගත්තා. 88/89 මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබලවේඟය නමින් ඉන්නවා. ඒ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ නමින් ගමනක් යන්න බැරි නිසා. එයාල මහින්දට උදවු කළා, චන්ද්‍රිකාට උදවු කළා. ඔවුන් වැඩ කරලා රිසාල්ට් පෙන්නපු තැනක් කියන්න. එයා මේ දේශපාලන සිස්ටම් එක ඇතුලේ ෆේල් වෙච්ච කෙනෙක්.

ප්‍රදීප් අනුර කුමාර

Related posts

ඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමති

Shiran Viraj

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

Shiran Viraj

වෛද්‍ය සංගමයේ යෝජනාවට කාලෝගෙන් ප්‍රතිචාර

Shiran Viraj
Translate »